Wednesday, October 9, 2019

කාල තරණය කරන්නෙක් හමු උනොත්?

කාල තරණය සිදු කල හැකි නම්, ඇයි අපිට තාම එකම එක කාල තරකයෙක්වත් හමු නොවුනේ?හමු උනත් අපි කොහොමද දැනගන්නෙ ඔහු හෝ ඇය කරන්නේ බොරුවක් නොවන වග?

කුමන පෙනුමක් තියේවිද කාල තරණ යන්ත්‍රයේ?කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ?

කාල තරණය කරන්නන්ට වෙන්වුන නීති තියෙවිද?එයාලගෙන් කෙනෙක් ඒ නීතී කඩ කරන්න තීරණය කරොත් මොන වේවිද?

1998 දී ජෝන් ටිටර් (John Titor) නමැති පුද්ගලයෙක් අනාගතයෙන් පැමිණියා.,නැතහොත් එය එහම කියගත්තා.එයා කියන විදියට එයාගේ කාල රාමුවේදී ජෙනරාල් ඉලෙක්ට්රික් (General Electric) සමත් උන බවට කාල තරණය කරන ආකාරය සොයාගන්න.ජෝන් විසින් ඔහු අතීතයට පැමිණි කාල තරණ යන්ත්‍රයත් විස්තර සහිතව පෙන්වා ඉදිරිපත් කරන ලදී.ඒත් එක්කම මෙම ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අතුරුදහන් උනා ,ඔහු හදිස්යේම මතුවුන අයුරින්ම.

ජෝන් ඔහුගේ මෙහෙයුම අවසන් කරාද?නැතිනම් ඔහු කරේ බොරුවක්ද?අපි කොහොමද ඒක දැනගන්නේ?

දවසක අපිට හැකි වුවහොත් කාල තරණය කල බවට තහවුරු කර ගැනීමට විද්‍යාවට එය අරුමයක් වනු නොඅනුමානයි ..මන්දයත් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නැවත ලිවීමට සිදුවන බැවින්.
ඇල්බර්ට් අයින්ස්ටයින්ට අනුව කාලය සිව් වැනි මානයක් වූවා.

අවකාශය නම් ත්‍රිමාණ පරාසයක් වේ.එය අපට දිග , පළල , උස ලබාදේ.කාලය විසින් මෙහි දිශාව දක්වයි.

අවකාශයත් කාලයත් එක්ව කාල-අවකාශ දණ්ඩක් {Space-Time Continuum(සන්තතියක්) } නිර්මාණය වේ.මෙයට ගුරුත්වාකර්ෂණයෙන් බලපෑම් ඇති වේ.

අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ෂණය , අවකාශ-කාලයෙහි නැම්මකි.පෙර විස්තර කල පරිදි  අවකාශයත් කාලයත් එකක් නිසා ගුරුත්වාකර්ෂණයට හැකි වෙනවා කාලයත් නැමීමට ලක් කිරීමට අවකාශය සේම.නමුත් මේ සදහා ඔබට අවශ්‍ය වෙනවා ඉතා විශාල තරම් වූ දෙයක් (තරුවක් තරම්වත්😅) කාලයට ඔබ කල වෙනස්කම් දැක ගැනීම සඳහා.

අපි හිතමු ඔබ කෙසේ හෝ Sagittarius A වගේ කළු කුහරයකට ලග වීමට සමත් වුනා කියල ඔබ එහිදී කාලය අත් විඳින්නේ පෘතුවියේ ගෙවෙනවා වගේ අඩකින්.මේකට හේතුව තමයි Sagittarius A තුල  සූර්යයන් මිලියන 4 ක ස්කන්ධයක් එක අසීමිත ඝනත්ව ලක්ශ්‍යයක ඇසුරුම් කර තිබීම නිසා අධික ගුරුත්වාකර්ෂණ බලයක් නිර්මාණය වීම.එමගින් කාලය ගතවීම මන්දගාමී වී ඇත.

ඉතාම අධික වේගයකින් ගමන් කිරීම තමයි කාලය හරහා යාමට හැකි තවත් ආකාරයක් වන්නේ.ඔබ ආලෝකයේ වේගයට සමීප වන තරමට කාලයේ වේගය අඩු වෙනවා.හිතන්නකො ඔයා ආලෝකයේ වේගයට 99% කම සමාන වේගයකින් ගමන් කරන දුම්රියකට ඇතුල් වෙනව නැවතුම්පලෙන්.මේ දුම්රියේ ඔය ගමන් කරන සෑම වසරක් පාසාම නැවතුම්පලේ  අවුරුදු 223 ගතවෙනවා.පුදුමයි නේද? ඔව් ඉතින් මේ විදියට ඔයාට පුළුවන් අනාගතයට කාල සංචාරකයෙක් වෙන්න.

නමුත් කාලය හරහා අතීතයට යාම ගැන කුමක්ද කිව හැක්කේ? ජෝන් ටිටර් කරා කියල කියනව වගේ..? ටිටර් කියා සිටියා ඔහුගේ යන්ත්‍රයට කාලය හරහා ඕනෑම දිශාවකට (අනාගතයට හෝ අතීතයට ) ගමන් කල හැකි බව.
C204 ,ඔහු එය හැදින්වූ පරිදි ,එතුල ඇසුරුම් කර තිබූ ඉතා ක්ෂුද්‍ර අණුක දෙකක්{microsingularities} මගින් ගුරුත්වය ඔහු සිතැගි පරිදි වෙනස් කිරීමට හැකියාව ලබා දී තිබේ.එමෙන්ම එතුල තිබෙන ගුරුත්ව සංවේදක මගින් ඔහුත් ඔහුගේ යන්ත්‍රයත් අවකාශය තුල ස්ථාවරව නියතව අගුළු ලා තබා ගැනීමට උපකාරී වේ. ටිටර්  විසින් මෙම යන්ත්‍රය කාරයක් තුල සවි කර තිබූ අතර මෙම යන්ත්‍රය ඔහුව රැගෙන ආවේ වසර 60 ක අතීතයට පමණි.ඔබ කෙසේද දන්නේ ඔහු ඇත්තෙන්ම කාල තරණය සිදු කරා ද? නැත්නම් මේ සියල්ල ඔහුගේ මවාපෑමක්ම පමණක්ද කියා?

ඇත්තෙන්ම කාල තරණය සිදු කල බවට ඔප්පු කර දැක්වීම කාල තරණයට වඩා අපහසු කර්ත්‍යවයක් බව ඔබට හැඟෙනවා නේද?නැහැ කාල තර්කයන්ට පුළුවන් මේ වෙනුවට මෙහෙම කරන්න.අනාගතයේ සිදුවන විශේෂ සිදුවීම් ගැන අනාවැකි පැවසීමට, ඔවුන්ගේ අනාගත තාක්ෂණික උපකරණ පෙන්වීමට, එහමත් නැතිනම් ජාන පරික්‍ෂාවක් සඳහා ඉදිරිපත් වෙන්න.නමුත් හොඳම දේ නම් ඉතින් එයාලගේ ඊළඟ සුවිශේෂි චාරිකාවට ඔබව එක්කගෙන යන එක තමා නෙහ්?

ඇත්තෙන්ම මේ සියල්ලටම වඩා ලේසි ක්‍රමයක් තියෙනවා.2009 දී ලෝක ප්‍රකට න්‍යායාත්මක භෞතිකවේදී ස්ටීවන් හෝකින්ස් විසින් සාදයක් සංවිධානය කරනවා මේක නිකන්ම නිකන් සාදයක් නෙමෙයි මේ සාදය කාල තරණය කරන්නන්ට පමනක් ආරාධනා කල උනා.හෝකින්ස් ආරාධනා පත් දැම්මේ නැ සාදය අවසන් වන තුරුම.මොකද ඔහු විශ්වාස කරා අනාගතයෙන් කාල සංචාරකයන් එයි කියල ආරාධනා ලැබීමට පෙර , එවිට කාල තරණය කෙදිනක හෝ සිදු කල හැකි බව ඔප්පු වන බැවින්.ඔහු සාදයේ අසුන් ගෙන හිටිය පැය ගණනක් නමුත් කවරෙක්වත් පැමිණියේ නැහැ.

දැන් ඔබ හිතනවා ඇති  කාල තරණය කෙදිනකවත් සිදු කල නොහැකි බවට.නමුත් යම් හැකියාවක් තියෙනවා අනාගත කාල තරකයින් විසින් "Bridges" in Space-Time හෝ "wormholes" මගින්  කාල තරණය සිදු කරාවි කියා හෝ ක්‍රමයක් සොයා ගනීවි කියා.අප මේ නම් කල කිසිවක් දැක නොමැතිමුත් සාපේක්ෂතාවාදයේ අනාවැකි පලකරනුයේ මේවා පවතින බවයි.මෙම "wormholes" හි ඇති ගැටලුව වන්නේ අන්වීක්ෂිය වීමත් ඉක්මනින් බිද වැටීමට ඇති හැකියාවත් නිසා මිනිස් සංචාරකයෙකුට ගමන් කල් නොහැකි වීමයි.

හෝකින්ස් විසින් පවත්වන ලද සාදයට කිසිවෙක් නොපැමිනිමට හේතුව කාල තරණය අප සිතන තරම්ම නිවැරදි නොවිම වෙන්නත් පුළුවන් අමුත්තන් පැමිණියේ සාදයට ප්‍රමාද වී වෙන්න ඇති.
නැත්නම් අතීතයට ගමන් කිරීම කාල තරකයන්ට තහනම් කර ඇතිවා විය හැකියි.ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ කාල රේඛාවට සිදු කරන බලපෑම් නිසා පවතින කාල රේඛාව සම්පුර්ණයෙන්ම වෙනස් විය හැකි නිසා එහෙමත් නැත්නම් අනාගතයේ ඇති විවිධ වූ රෝග අතීතයේ පැතිරවීම වැලක්වීම සඳහා වෙන්න පුළුවන්.
හේතුව මේ කිසිවක් නෙමේ නම් කාල තරණය ඉතාම රහසිගත, පුද්ගලයන් කිහිප දෙනෙක් පමණක් දන්නා දෙයක් වෙන්න ඇති.නැත්නම් කාල තරණය කියන්නේ හිතලුවක්ම පමණක් වෙන්න ඇති.
නැත්නම් කාලය හරහා යාහැක්කේ අනාගතයටම පමණක් වෙන්න පුළුවන්.කාලය හරහා අතීතයට ගමන් කල නොහැකි වෙන්න පුළුවන්.

සමහරවිට ජෝන් ටිටර් කියන්නේ මහා බොරුකාරයෙක් වෙන්න ඇති.කෙසේ හෝ වේවා අපිට එය තහවුරු කරගන්න නම් තව වසර කීපයක් 2034 වෙනකන් ඉවසන්න වෙනවා.
ඇත්තටම යම් විදියකින් ගතහොත් කාල තරකයන් අපට දැනටමත් අපේ ජීවිතේදිම දැකගන්න පුළුවන්.ඔව් එයාල තමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින අභ්‍යවකාශගාමීන්.ඔවුන් තත්පරයට කිලෝමීටර් 8ක වේගයෙන් ගමන් කරනවා මේ නිසා ඔවුන්ගේ කාලය ගතවන වේගය අපේ කාලය ගතවීමට වඩා අඩුයි.මේ වෙනස තත්පරයකින් සියයෙන් පංගුවක් වුවත් අප ඔවුනට වඩා ඉක්මනින් වයසට යන එක නොවැලැක්විය හැකි කරුණක්.😂

නමුත් ඔබ සවන් දෙන්නේ නම්, ස්ටීවන් හෝකින්ස් විසින් සත්කාරකත්වය දක්වන කාල සංචාරකයන්ට වෙන්වූ සාදයට ඔබට ආරාධනා කර තිබේ.මෙම සාදය 2009 ජුනි මස 28 වන දින එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පැවැත්වේ.
ප.ලි.
{RSVP* අනවශ්‍ය වේ.}

ඉතින් අවසානයට මම මෙහෙම කියන්නම් ., ඔබට කවමදාක හෝ අවස්තාවක් ලැබුනොත් අභ්‍යවකාශ යානයක නැගල කළු කුහරයක කාල තරණයේ බලපෑම් ගවේෂණයට..අනිවාර්යෙන්ම ඒකට ඔය යන්නම ඕන.ගිහින් මට විස්තර කියන්න අමතක කරන්නෙපා.


*( RSVP යනු Répondez s'il vous plaît ලෙස ප්‍රංශ භාෂාවෙන් දැක්වෙන "කරුණාකර පිළිතුරු දක්වන්න" යන තේරුම දෙන්නකි. )

මතක ඇතුව හැම Article එකක්ම බලන්න.වැරදි තියේ නම් කියන්න.පහලින් අදහස් දක්වල යන්න.
මේ විස්තර ගත්තු links පහල ඇති.